පනත සම්මත වූ පසු මැතිවරණය පවත්වන්න පුළුවන්

පනත සම්මත වූ පසු මැතිවරණය පවත්වන්න පුළුවන්

May 23, 2017   09:08 am



පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුවේ දි සම්මත වීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බව  ජාතික මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ අදාළ සංශෝධන සඳහා මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව ඇති බවය.

ඒ අනුව ඉදිරි මාසය තුළ එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇති බව  මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.