ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න දෙමළ පක්ෂ සාකච්ඡාවක

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න දෙමළ පක්ෂ සාකච්ඡාවක

May 22, 2017   05:23 pm

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අහෝසි කිරිම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් සාකච්ඡාවක් පවත්වා තිබේ.

යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ කාර්යාලයේදී එම පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන් වෙයි.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය, ප්ලොට්, ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එල්.එෆ් පක්ෂය ඇතුලු පක්ෂ නියෝජිතයින් මෙම සාකච්ඡාවට  එක්ව සිටි බව වාර්තා වෙයි.

වර්තමානයේ ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක නොවන බැවින් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත පවත්වාගෙන යාමේ අවස්ථාවක් නොමැති බව එහිදි දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පවසා තිබේ.

පනත අහෝසි කිරිම වෙනුවෙන් කඳුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ, මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂ නායකයින් හා පනතට විරුද්ධව හඩ නගන දකුණේ දේශපාලන ව්යායපාරයන්ගේ සහයෝගය ලබා ගත යුතු බවට සාකච්ඡාවට එක්වූ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් අදහස් දක්වා ඇති බව සඳහන් වෙයි.