සමාජ සාධරණත්වය තහවුරු කරන්න රජය කැපවෙනවා

සමාජ සාධරණත්වය තහවුරු කරන්න රජය කැපවෙනවා

May 22, 2017   03:31 pm



සමාජ සාධරණත්වය තහවුරු කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සමාජ සාධාරණත්වය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, ජනතාවගේ නිදහස සහ ප්‍රතන්ත්‍රවාදය යන කරුණු පිළිබඳව වත්මන් රජය බලයට පත්වීමෙන් පසු විශාල වැඩ කොටසක් ඉටු කළ බව ජනාධිපතිවරයා පවසයි.

ගලගෙදර නව අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය අහෝසි කිරීමත්, 19 වන සංශෝධනය සම්මත කිරීමත් මේ රටේ සමස්ත පුරවැසියන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.