රන් මාල කොල්ලකෑ 3ක් අල්ලයි

රන් මාල කොල්ලකෑ 3ක් අල්ලයි

May 19, 2017   12:40 pm


දංකොටුව, වෙන්නප්පුව, මාරවිල, කොස්වත්ත, කටාන යන ප්‍රදේශවල රන් මාල කොල්ලකෑමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී කොල්ලකන ලද රන් මාල 6ක් ඇතුළු රන් ආභරණ කිහිපයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.