රජරට සම්මාන උළෙල 2017-ක්ෂේත්‍ර 10ක් යටතේ සම්මාන 28ක්

රජරට සම්මාන උළෙල 2017-ක්ෂේත්‍ර 10ක් යටතේ සම්මාන 28ක්

May 6, 2017   12:50 pm


රජරට සම්මාන උළෙල 2017 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත් විය.

උතුරු මැද පළාත් තුළ විවිධ ක්ෂේත්‍රයන් හි හා විවිධ කාර්යයන්වල නිරත වෙමින් මානව සමාජයේ උන්නතිය උදෙසා විශිෂ්ඨ සේවාවක් සිදු කළ පුද්ගලයින් ඇගයීම එහිදි සිදු කෙරිණි.

ක්ෂේත්‍ර 10ක් යටතේ අනුස්මරණ සම්මාන 06ක් ඇතුළු සම්මාන 28ක් ඊයේ(5) පැවැති උත්සවයේදී පිරිනැමුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අපවත් වී වදාළ දිඹුලාගල රජමහා විහාරධිපති පූජ්‍ය කිතලගම සීලංලකාර නායක ස්වාමින් වහන්සේ  වෙනුවෙන් ද එහිදී අනුස්මරණ ස්වර්ණ සම්මාන පිරිනැමුණි.