මහින්ද නැති වීම ගැන දයාසිරි කණගාටුවෙන්

මහින්ද නැති වීම ගැන දයාසිරි කණගාටුවෙන්

May 3, 2017   05:20 pm


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඒකබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගී වීම පිළිබඳ තමා කණගාටුවන බව ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද (03) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

වසර ගණනාවක් පක්ෂයේ සිට තමන් ඇතුළු සමාජිකයින්ට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ හා ජී.එල්.පිරීස් විසින් සාදන ලද ඒකාබද්ධයේ වේදිකාවට නැඟීම පිළිබඳ තමන් ඇතුළු බොහෝ පාක්ෂකයින් වේදනාවට පත්ව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

පුද්ගලයින් වශයෙන් ඕනෑම තැනකට සහභාගී විය හැකි වුවත් ඒ තුළින් අනෙකු සියලු දෙනා අනාථභාවයට පත් වෙනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.