ශ්‍රීල.නි.පක්ෂය අතීතයේ සිට කම්කරුවා ආරක්ෂා කළා

ශ්‍රීල.නි.පක්ෂය අතීතයේ සිට කම්කරුවා ආරක්ෂා කළා

May 1, 2017   06:06 pm




කම්කරු දිනය නිවාඩු දිනයක් බවට පත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයේ සිට කම්කරුවා ආරක්ෂා කරමින් කම්කරුවා ශක්තිමත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අද(1) ගැටඹේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි  දින රැළිය අමතමින් එම මහතා මේ බව පවසා සිටියේය.

ජනවාරි 8 හැමෝම රට බාරගන්න බෑ කියන විට මෛත්‍රිපාල සිරිසේන මහතා රට බාරගෙන සේවකයින් වෙනුවෙන් රුපියල් 10000කින් පඩි වැඩිකිරීමේ සිට ප්‍රසුත  නිවාඩු ලබාදීම දක්වා කම්කරුවන් වෙනුවෙන් විසඳුම් සොයාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුක ආණ්ඩුවට හැකි වූ බව එම මහතා කියා සිටියේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා කම්කරුවා වෙනුවෙන් පෙනී සිටින බැවින් කම්කරුවා අනාගතයේදී බිය නොවිය යුතු බව හා ජනසතු ව්‍යාපාර ,විශ්ව විද්‍යාල අරඔමින් කම්කරු ජනයාගේ දරුවන් වෙනුවෙන් යහපත් අනාගතයක් නිර්මාණය කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකි  වූ බව තම මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර කම්කරුවන් වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් සිදු කළ හා වතුකරය,වැඩබිම, කර්මාන්ත ශාලාව,කුඹුර ,ගම ,නගරය තුළ වෙසෙන වැඩකරන ජනයා වෙනුවෙන් සුවිශේෂි යුග මෙහෙවරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදු කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එමෙන්ම රටේ දේපළ විකිණීම නවතා රාජ්‍ය දේපළ මහජනතාව වෙත ලබා දෙමින් රටේ ජනතාව අඅරක්ෂා කිරීමේ කාර්යය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිදු කළ අතරම මෙලෙස රැකගෙන ආ කම්කරුවා සුරැකීමට නම් පක්ෂය ආරක්ෂා කළ යුතු බවත් පක්ෂය කඩා බිදින් නැතිව පක්ෂය වැඩිදුරටත් ශක්තිමත් කළ යුතු බව එම මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

තවද මුලින් කියූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාර්තාපිට වාර්තා තැබූ බව හා   ගියවර ගාල්ලේ  රැලියට වඩා ජනකායක් මෙවර මැයි රැලියට පැමිණි බව ධිවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එමෙන්ම ඇතැම් අය ගණන් හදමින් සෙනග පැමිණෙන අයුරු පිළිබද කීව ඔවුන් එය වෙනස්කර ඇති බව එම මහතා කියා සිටියේය.
 
මහා මාර්ග ආදී සේවා වල කම්කරුවන්හට  පැවති  ගැටළු වලට විසඳුම් දෙමින් ජනාධිපතිතුමා තම කාර්ය ඉටු කළ බව හා මත්ස්‍ය තහනම,ජි.එස්.පී ප්ලස් තහනම ඉවත් කරමින් ජනාධිපතිතුමා කම්කරුවන් තවදුරටත් ශක්තිමත් කළ බව ඔහු වැඩිදුරටත් පවසයි.