මේ ආණ්ඩුවට මැයි දිනය සමරන්න අයිතියක් නෑ

මේ ආණ්ඩුවට මැයි දිනය සමරන්න අයිතියක් නෑ

May 1, 2017   05:38 pm


මේ ආණ්ඩුවට වැඩකරන ජනයාගේ මැයි දිනය සැමරීමට ආණ්ඩුවට අයිතියක් නැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

වැඩකරන ජනයාගේ විශ්‍රාම වැටුප කොල්ල කෑව මෙම ආණ්ඩුව මේවන විට ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් අරමුදල් කොල්ලකෑමට සැරසෙමින් සිටින බවත්, එහෙව් ආණ්ඩුවකට මේ මැයි දිනය කිසිසේත්ම සැමරිය නොහැකි බව හෙතෙම කියා සිටියේ අද (01) ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට එක්වෙමිනි.

ඉදිරියේදී තව දුරටත් වැඩකරන ජනයාගේ අරගල පැවැත්වෙනවිට ඒවා මර්දනය කිරීමට ෆොන්සේකා ජුන්ටාවක් ගෙන ඒමට සූදානමක් තිබුණත්, ෆොන්සේකා මේවන විට යල්පැන ඇති බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ෆොන්සේකාගේ පමණක් නොව ඕනම කෙනෙකුගෙ ජුන්ටාවකට මුහුණදීමට මෙම ජන ගඟ සූදානම් බවත්, ඉදිරි කාලයේදී මේ ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළ අද දිනයේ මේ ගෝල්ෆෙස් පිටියෙන් ආරම්භ කෙරෙන බවත් ඔහු කියා සිටියේය.

ආණ්ඩුව මේ ජන ගඟ ඉදිරියේ දණ නමා ඡන්දය තියනවා හැරෙන්නට වෙනත් කළ හැකි දෙයක් නොමැති බවත්, ඉදිරියේදී මෙම ජන ගඟ පාරට බැස්සොත් මේ අවුරුද්දෙම ගෙදර යැවිය හැකි බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.