දුම් මිල පාලනයට මුදල් අමාත්‍යාංශයෙන් බාධා

දුම් මිල පාලනයට මුදල් අමාත්‍යාංශයෙන් බාධා

April 29, 2017   04:56 pm

දුම්කොළ මිල පාලනය කර ගැනීම සඳහා නැඹුරු කර ගැනීමට අපහසුම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය බව වෛද්‍ය පුබුදු සුමනසේකර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.

දුම්කොළ මිල පාලනය කර ගැනීම සම්බන්ධයෙන් බහුතරයක් තර්ක ආර්ථිකය සම්බන්ධ වී ඇති බැවින් මුදල් අමාත්‍යාංශය මෙවන් තත්ත්වයකට පත්ව ඇති බව ද වෛද්‍ය පුබුදු සුමනසේකර මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙය දුම් බොන්නන් හා නොබොන්නන් අතර හෝ වෛද්‍යවරුන් දුම් බොන්නන් අතර සටනක් නොව මෙය එම කර්මාන්තය සමඟ පවතින ගැටළුවක් බව ද සුමනසේකර මහතා කියා සිටියේ ය.

කෙසේ වෙතත් මේ සම්න්ධයෙන් අප කළ විමසීමකදී දුම්වැටි අලෙවි කරන්නන්ගේ සංගමය පවසා සිටින්නේ දුම්වැටි මිල ඉහළ දැමීම හේතුවෙන් කුඩා ව්‍යාපාරිකයින් දැඩි අසරණභාවයකට පත්ව ඇති බවයි.