මැයි 1 දේශපාලන පක්ෂවල බලය පෙන්වන දිනයක් වෙලා

මැයි 1 දේශපාලන පක්ෂවල බලය පෙන්වන දිනයක් වෙලා

April 29, 2017   02:13 pm


සැබෑ කම්කරුවන්ගේ කම්කරු දිනය දේශපාලන පක්ෂ විසින් තම දේශපාලන බලපුළුවන්කාරකම් පෙන්විමට භාවිතා කරන දිනයක් බවට පත් කරගෙන ඇති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්ති සමිති සම්මේලනය පවසයි.

එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා පෙන්වා දෙන්නේ අප රටේ සැබෑ කම්කරුවෙකුට මැයි දිනය සැමරීමේ අයිතිය උදුරාගෙන ඇති බවයි.

සැබෑ කම්කරුවන්ගේ දිනය ස්වාධිනව සැමරීමට අවස්ථාවක් සලසාදිම රජයේ වගකීම බව ද අජිත් කේ. තිලකරත්න මහතා සඳහන් කරයි.

නමුත් අද දේශපාලන පක්ෂ විසින් වෘත්තිය සංගම් ද දේශපාලනික වී තිබීම කණගාටුවට කරුණක් බව  රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්ති සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.