දහතුන් වියැති දියණියට මාමාගෙන් ලිංගික අතරවර

දහතුන් වියැති දියණියට මාමාගෙන් ලිංගික අතරවර

April 26, 2017   06:32 am


මුන්දලම - පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේදී බාල වයස්කාර දැරියකට ලිංගික අතවර සිදු කළ බව කියන ඇයගේම මාමා මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට පත්ව ඇත්තේ වයස අවුරුදු 13 ක් වන බාල වයස්කාර පාසල් සිසුවියකි.

දැරිවියගේ මව රැකියාවක් සඳහා විදේශ ගතවී සිටින අතර දැරියව රැක බලාගෙන ඇත්තේ ඇයගේ නැන්දණිය විසින් බව පොලීසිය කරන ලද විමර්ශන වලදී හෙළිවී ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක, උප පොලිස් පරීක්ෂක සරත් යන මහත්වරුන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.