කොළඹ අවට පැය 24ක් අඩු පීඩනය යටතේ ජලය සැපයෙයි

කොළඹ අවට පැය 24ක් අඩු පීඩනය යටතේ ජලය සැපයෙයි

April 21, 2017   05:32 pm

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(21) පස්වරුවේ සිට පැය 24ක කාලයක් අඩු පීඩනය යටතේ ජල සැපයීමට සිදු වන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රගාරයේ සිට කොළඹට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම පියවර ගැනීමට සිදු වන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ කොටුව, කොම්පඤ්ඤවිදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල සහ මරදාන යන ප්‍රදේශවලට අද (21)පස්වරු 06.00 සිට අඩු පීඩනයක් යටතේ ජල සපැයුම සිදුවන බව සඳහන්වේ.

හෙට(22) පස්වරු 06.00 දක්වා මෙය ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙස ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලීමක් කරයි.