අවුරුද්දක දරුවා අවසන් ගමන් යයි

අවුරුද්දක දරුවා අවසන් ගමන් යයි

April 21, 2017   09:02 am



සමන්තුරය, මයියවාඩි, නින්දවූර් 06 ප්‍රදේශයේදී ජංගම බේකරි ආහාර නිෂ්පාදන අලෙවි කරනු ලබන ලොරි රථයකට යටවීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබේ.

ඇගේ මව සමග බේකරි ආහාර නිෂ්පාදන මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දරුවා නින්දවූර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

 මියගොස් ඇත්තේ අවුරුදු 01යි මාස 06ක් වයසැති කුඩා පිරිමි දරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සමන්තුරය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.