වීසා නැතුව ඉදලා මාට්ටු

වීසා නැතුව ඉදලා මාට්ටු

April 20, 2017   08:32 am



වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදෙස් ජාතිකයෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි පකිස්ථාන ජාතිකයෙකු බව පොලීසිය පැවසුවේය.

සැකකරු අද(20) දින අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොල්ලුපිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.