කේරල ගංජා ප්‍රවාහනය කළ 1ක් අල්ලයි

කේරල ගංජා ප්‍රවාහනය කළ 1ක් අල්ලයි

April 19, 2017   10:18 am



කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු චාවකච්චේරි කුඩාඉරිප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

එහිදී කේරල ගංජා  කිලෝග්‍රෑම් 6 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව බාරයට ගෙන තිබේ.

අදාළ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා මරතන්කේනි පොලීසිය වෙත බාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.