පාසල් වෙත සහල් ප්‍රදානය කිරීම ඇරඹේ...

පාසල් වෙත සහල් ප්‍රදානය කිරීම ඇරඹේ...

April 19, 2024  

Bookmark and Share
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ප්‍රදානය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී අද (19) ආරම්භ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ඒ අනුව පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කිරීම අද සහ හෙට (20) යන දිනවල සිදුකිරීමට නියමිතය.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ සහල් තොග පාසල් වෙත භාරදීම සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.