හිටපු ජනපති ඇතුළු 7කට එරෙහි නඩුව-විරෝධතා ගොනු කිරීමට අවසර

හිටපු ජනපති ඇතුළු 7කට එරෙහි නඩුව-විරෝධතා ගොනු කිරීමට අවසර

March 28, 2017   04:17 pm



ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 142ක මුදලක පාඩුවක් සිදු කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන් 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද(28) විභාගයට ගෙන තිබේ.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු චිරාන් ගුණරත්න මහතා හමුවේ නඩුව විභාගයට ගත් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

පසුගිය ජනාධිපතිවරණ කටයුතු සඳහා යොදාගත් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සඳහා රුපියල් මිලියන 142 ක මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් 7 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

නඩුවේ වගඋත්තරකාර පාර්ශවයට විරෝධතා ගොනු කිරීම සඳහා ඉඩ ලබා දුන් වාණිජ මහාධිකරණ විනිසුරුවරයා නඩුව ලබන මැයි මස 23 වන දා දක්වා කල් තැබීමට නියම කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.