මොහොමඩ් සිද්ධීක් යළි රිමාන්ඩ්

මොහොමඩ් සිද්ධීක් යළි රිමාන්ඩ්

March 28, 2017   03:37 pm



මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්ධීක් නැමැත්තා ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ නඩුව අද (28)කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා එම නියෝගය ලබා දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් මුදල් සන්තකයේ තබා ගනිමින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ වැරදි සිදු කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

 සැකකරු වෙනුවෙන්  පෙනීසිටි නිතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා තම  සේවා දායකයා වැලිකඩ  බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති විශේෂ අධිකරණයක ඉදිරිපත් නොකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව සඳහන්වේ.

එම ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සැකකරු ලබන 11 වන දා  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන  ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර තිබේ.