ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් බිය විය යුතු නෑ

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් බිය විය යුතු නෑ

March 28, 2017   03:26 pm



ඉන්ෆ්ලුවෙන්සා එච්.වන්.එන්.වන්. වෛරසය ආසාදිත වූ රෝගීන් එම  රෝගය පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.
 
මෙරට ප්‍රදේශ කිහිපයකින් එච්.වන්.එන්.වන්.වෛරසය ආසාදිත වූ  රෝගීන් වාර්තා වී ඇති  අතර එය සෑම වසරකම දෙසැම්බර් සහ පෙබරවාරි කාලයේත්, මැයි සිට ජූලි දක්වා කාලයේත් පැතිර යන බව එම අමාත්‍යාංදශය සඳහන් කළේය.

ඒ අනුව  සෞඛ්‍ය  අමාත්‍යවරයාගේ උපදෙස් මත දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉන්ෆ්ලුවෙන්සා එච්.වන්.එන්.වන්. වෛරසය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

එම වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා වෙත දැනුම් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.