ශ්‍රීල.නි.ප මැයි දින කමිටුව අදයි-මෙවර රැළිය ගැටඹේදී

ශ්‍රීල.නි.ප මැයි දින කමිටුව අදයි-මෙවර රැළිය ගැටඹේදී

March 28, 2017   12:28 pm



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින කමිටුව අද(28) රැස්වීමට නියමිතව තිබේ.

පක්ෂ මූලස්ථානයේ දී මැයි දින කමිටුව රැස්වීමට නියමිත බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය  ඉසුර  දේවප්‍රිය මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයද ලබන පළමු වනදා පැවැත්වෙන මැයි දින රැළිය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය  කටයුතු මේ වන විට සංවිධානය කරමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මැයි දින කමිටුව  ලබන 03 වන දා  යළි රැස්වීමට නියමිත බවය.