නිදන් කැණීමේ නිරතවූ 5ක් අල්ලයි

නිදන් කැණීමේ නිරතවූ 5ක් අල්ලයි

March 28, 2017   10:23 am



කැබිතිගොල්ලෑව, තිත්තගෝනෑව ප්‍රදේශයේ නිදන් කැණීමේ  නිරතව සිටි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැලෑපුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී නිදන් කැනීම් කටයුතු සඳහා යොදාගත් උපකරණද පොලීසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කැබිතිගොල්ලෑව පොලිස් සථානය වෙත බාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.