බ්‍රිතාන්‍ය මහරැජිණගේ රුව සහිත යෝධ රන් කාසිය සොරා ගනී
සයුරෙන් එතෙර

බ්‍රිතාන්‍ය මහරැජිණගේ රුව සහිත යෝධ රන් කාසිය සොරා ගනී

March 28, 2017   08:39 am

කෞතුකාගාරයක තැන්පත් කර තිබු බ්‍රිතාන්‍ය මහරැජිණගේ රුව සහිත යෝධ රන් කාසියක් සොරකම් කර තිබේ.

ජර්මනියේ  බර්ලින් නුවර පිහිටා තිබු “බොඩි“කෞතුකාගාරයෙන් එම රන් කාසිය සොරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ රන්කාසිය ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුතු වන අතර එය කැරට් විසි හතරේ රත්‍රංවලින් නිමවා ඇති බව සඳහන් වෙයි.

එම කාසියේ බර කිලෝග්‍රෑම් 100ක් වන අතර ඝණත්වය සෙන්ටිමීටර් තුනක් සහ විශ්කම්භය සෙන්ටිමීටර් 53ක් වන බව වාර්තා වෙයි.

අදාළ රන් කාසියේ ආරක්ෂාව සඳහා අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් සවිකර තිබුණ ද ඉන් මිදී එම රන් කාසිය සොරාගත් ආකාරය සම්බන්ධයෙන් තවමත් කරුණු අනාවරණය වී  නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ සොරකම සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද වාර්තා වෙයි.