උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙලක්

උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙලක්

March 28, 2017   07:59 am



උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකරිය සැලසුම් කර තිබේ.

එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේ මේ වන විටත් ඒ සඳහා විශේෂ නිලධාරීන් යොදවා ඇති බවය.

අාහාර ද්‍රව්‍ය, තෙල් වර්ග, ඇදුම් සහ  විද්‍යුත් උපරකණ මෙහිදී විශේෂ පරීක්ෂාවට ලක් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

භාණ්ඩවල ප්‍රමිතිය, කල් ඉකුත් වීමේ දිනය පිළිබද මෙහිදී වැඩි අවධානයක් යොමුකිරීමට නියමිය.

විශේෂයෙන්ම විද්‍යුත් උපරකරණ සඳහා මාස 6ක වගකීම් සහතිකයක් ලබාදීම අනිවාර්යය කර තිබේ.

වගකීම් සහතිකයක් නොමැතිව කිසිදු විද්‍යුත් උපරකණයක් විකිණිය නොහැකි බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.