අනතුරින් 2ක් මරු දකියි

අනතුරින් 2ක් මරු දකියි

March 27, 2017   09:50 am



මූන්දලම පොලිස් වසමේ පෑලියගොඩ, පුත්තලම මාර්ගයේ සෙම්බැට්ට ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ත්‍රීරෝද රථයක් පුද්ගලික බස්  රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් ත්‍රීරෝද  රථයෙන් රියදුරු සහ පසු පස ගමන් කළ කාන්තාව බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් තිබේ.

 මියගොස් ඇත්තේ මැදවත්ත, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිදිරි කාන්තා සහ 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මූන්දලම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.