පොලීසියේ ලොකු පුටු මාරු

පොලීසියේ ලොකු පුටු මාරු

March 24, 2017   03:35 pm



ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාමක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරැවීම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

ඒ අනුව අච්චුවේලි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.කේ.ජයසිංහ මහතා කළුතර පොලිස් විද්‍යාලය වෙත මාරු කර යවා තිබේ.

පොලිස් පරීක්ෂක එච්.ආර්.පී. සේනාරත්න මහතා කරදියනාරු පොලිස් ස්ථානයේ සිට පොලිස් මූලස්ථානයට මාරු කර ඇති අතර පොලිස් පරීක්ෂක ආර්.සී. හෙට්ටිආරච්චි මහතා නුගේගොඩ කොට්ඨාසයේ සිට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරුකර යවා ඇති බව සඳහන්ය.

සීතාවක කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්.ඒ.එස් කරුණාරත්න මහතා කොට්ටාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.