අධ්‍යාපන චාරිකාව පාසල් සිසුවාට දිවි අහිමි කරයි

අධ්‍යාපන චාරිකාව පාසල් සිසුවාට දිවි අහිමි කරයි

March 24, 2017   03:16 pm




කන්දකැටිය, රන්පුහුලාවල ජලවිදුලි බලාගාරය නැරඹීමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිළී මියගොස් තිබේ.

කන්දකැටිය වැවතැන්න විද්‍යාලයේ ගුරුවරුන් කිහිප දෙනෙකු සමඟ සිසුන් පිරිසක් රන්පුහුලාවල නැරඹීමට ගොස් සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව කන්දකැටිය පොලීසිය පැවසුවේය.

අදාළ සිසුවා දියනාමින් සිටියදී දියේ ගිළී ඇති අතර පසුව ඔහු බේරාගෙන කන්දකැටිය රෝහලට රැගෙන එන අවස්ථාවේ මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කන්දකැටිය, මාළියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.