අනතුරින් 1ක් මිය යයි

අනතුරින් 1ක් මිය යයි

March 21, 2017   09:04 am


තබුත්තේගම ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පාපැදියක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් පාපැදිකරු බරපතල තුවාල ලබා තබුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි අයෙකි.

අනතුරෙන් යතුරුපැදිකරු ද තුවාල ලබා තබුත්තේගම රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් තබුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.