ඝානාවේ ගසක් කඩා වැටී 18ක් මිය යයි
සයුරෙන් එතෙර

ඝානාවේ ගසක් කඩා වැටී 18ක් මිය යයි

March 21, 2017   08:55 am



ඝානාවේ කින්ටැම්පෝ දිය ඇල්ල අසල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

දියඇල්ලේ දියනාමින් සිටි පුද්ගලයින් පිරිසක් මතට ගස කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියගිය පුද්ගයින් අතර 14 දෙනෙකු උසස් අධ්‍යාපනය ලබන සිසුන් බව සඳහන්වේ.

අනතුරෙන් තවත් පුද්ගලයින් විසි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.