මිරිහාන රැඳවුම් කඳවුරේ සිටි විදේශිකයන් 4ක් පළායයි

මිරිහාන රැඳවුම් කඳවුරේ සිටි විදේශිකයන් 4ක් පළායයි

March 21, 2017   08:40 am


මිරිහාන රැඳවුම් කඳවුරේ සිටි විදේශිකයන් සිව් දෙනෙකු පළාගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව බාරයේ සිටි  විදේශකයින් සිව් දෙනෙකු පළාගොස් ඇති බවය.

නයිජීරියන් ජාතිකයින් දෙදෙනෙකු, තුර්කි ජාතිකයෙකු සහ මාලදිවයින් ජාතිකයෙකු ඒ අතර වන බව පොලීසිය පවසයි.
 
මිරිහාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.