රත්තරංගේ ඝාතනයට සංජු අත්අඩංගුවට

රත්තරංගේ ඝාතනයට සංජු අත්අඩංගුවට

March 21, 2017   07:02 am


මුල්ලේරියාව පොලිස් බලප්‍ර දේශයට අයත්  කැලණිමුල්ල, අංගොඩ ලිපිනයේ පදිංචිව සිටි සුරංග කුමාර රත්නායක හෙවත් “රත්තරං“ යන අයගේ ඝාතනයට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (20) රාත්‍රීයේ රාගම, වල්පොල ප්‍රදේශයේදී මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් මොහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරු වයස අවුරුදු 28ක කැලණිමුල්ල, අංගොඩ ප්‍ර දේශයේ පදිංචි විරාජ් සංජය තෝමස් හෙවත් සංජු නමැති අයෙකු බව පොලීසිය කියා සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලීසියට බාරදීමට නියමිතය.