එක්සත් ලක් වනිතා පෙරමුණේ  200ට  සාමදාන විනිශ්චයකාර පදවි පිරිනමයි

එක්සත් ලක් වනිතා පෙරමුණේ 200ට සාමදාන විනිශ්චයකාර පදවි පිරිනමයි

March 20, 2017   08:39 pm




එක්සත් ලක් වනිතා පෙරමුණේ ක්‍රියාකාරිනියන් 200 දෙනෙකුට සාමදාන විනිශ්චයකාර පදවි පිරි නැමීම නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු විය.


එම අවස්ථාව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සුදුසුකම් මත මෙම පදවි ලබා දීම සිදු කර ඇති බවය.

තනතුරේ ගෞරවය රැකෙන ආකාරයට, සියලුදෙනාට ආදර්ශවත්ව, කිසිදු බේදයකින් තොරව තම සේවාව සලසන්නැයි ඇය පදවිලාභිනියන්ට කියා සිටියාය.

රට දියුණු කිරීමේ පරමාර්ථයෙන් පිහිටුවාගත් එජාප-ශ්‍රීලනිප රජය යටතේ කාන්තාවන්ට ජයග්‍රහණ රැසක් අත් වී ඇති බව කී ගමගේ මහත්මිය, ඉදිරි පළාත් සභා ඡන්ද විමසීමේදී සියයට 25ක කාන්තා නියෝජනයක් ලබා දීමට අගමැතිවරයා කටයුතු කිරීමට ඉන් ප්‍රමුඛ වන බව පැවසුවාය.

කාන්තා ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, ආදායම් ඉපයීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමට හා වර්ධනය කිරීමට රජය කාන්තාවන්ට සහාය ලබා දෙන බවය. 
    
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය සමඟ සාකච්ඡා කොට, දිවයින පුරා ලොතරැයි අලෙවි නියෝජිතවරියන් 1,000ක් දෙනෙකු පත් කිරීමට කටයුතු යොදන බවද ඇය කීයා සිටියාය.