SAITM නිසා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය විනාශවෙලා

SAITM නිසා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය විනාශවෙලා

March 20, 2017   04:51 pm



සයිටම් ආයතනයට අදාළව අද(20) වන විට මතුව ඇති ව්‍යාකූලතා නිසා මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය විනාශ වෙමින් පවතින බව රජයේ වෛද්‍ය   නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ ඒ තුළින් සුරක්ෂිත සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීමට රෝගියෙකුට ඇති අයිතිය අහිමි වන බවයි.

එය රැකගැනීම සඳහා මේ වන විට වෛද්‍යවරුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට උද්ඝෝෂණය කිරීමට සිදුව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

පැනනැගී ඇති මෙම ගැටළුවල සම්පුර්ණ වගකීම රජය භාරගත යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.