පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සිවිල් සංවිධාන සත්‍යග්‍රහයක් අරඹයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සිවිල් සංවිධාන සත්‍යග්‍රහයක් අරඹයි

March 20, 2017   04:40 pm



උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සිවිල් සංවිධාන විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඔවුන් සත්‍යග්‍රහයක නිරත වන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මුලතිව්, වව්නියාව සහ යාපනය යනාදී ප්‍රදේශවල පිහිටි දෙමළ ජනතාවගේ ඉඩම් රැසක තවමත් හමුදා කඳවුරු පවතින බැවින් දෙමළ ජනතාවට තම ඉඩම් අයිතිය අහිමි වී ඇති බව ඔවුන් පවසයි.

එබැවින් දෙමළ ජනතාවට යුක්තිය ඉටු කිරීමට මේ වන විට රට පුරා පැවැත්වෙන එක්සත් අරගලවල නිරත වන්නන්ට ද තමන් සමඟ එක්වන ලෙස සත්‍යග්‍රහයේ නිරත වන්නන් ඉල්ලා සිටියි.