Back to Top

චීන ආරක්ෂක අැමති හා ජනපති හමුවෙයි

AdaDerana Ad

චීන ආරක්ෂක අැමති හා ජනපති හමුවෙයි

March 20, 2017  03:18 pm

Bookmark and Share



මෙරටට පැමිණ සිටින චීන ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජෙනරාල් චෑන්ග් වන්ක්වාන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී තිබේ.

චීන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර හමුව අද(20) පෙරවරුවේ ජනාධිපති නිළ නිවසේදී සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා දීර්ඝ කාලීන සබඳතාව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා මෙරට ස්වාධිනත්වයට සහ ජාතික ආරක්ෂාවට චීනයෙන් ලැබෙන සහය අගය කොට තිබේ.

දීර්ඝ කාලයක සිට මෙරට ආරක්ෂක හමුදාවන් සඳහා චීනයෙන් ලබා දෙන පුහුණු අවස්ථා පිළිබඳ ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා එම පුහුණු අවස්ථා අඛන්ඩව ලබා දෙනු ඇති බවට ද විශ්වාසය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දෙරට තුළ පවතින මිත්‍රශිලී සබඳතාව හේතුවෙන් ගිවිසුම් රැසකට එළඹෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම කිසිදු ගිවිසුමක් මඟින් මෙරට අභිමානයට, ස්වාධීනත්වයට සහ ජාතික ආරක්ෂාවට හානියක් සිදු නොවන බවය.

එහිදී අදහස් දක්වමින් චීන ආරක්ෂක අමාත්‍ය චෑන්ග් චන්ක්වාන් මහතා ප්‍රකාශ කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාව ආර්ථික, සාමාජිය සහ ජනතා සුබසිද්ධිය සඳහා ශක්තිමත් පදනමක් වැටී ඇති බවය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර තානාපති සබඳතා ආරම්භ කර වසර 60ක් වැනි කාලයක් ගතව ඇති අතර එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනිම තම රටේ අරමුණ බව ද චීන  ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.