හැටන් කොළඹ පාරේ කන්ටේනරයක් පෙරළෙයි-රියදුරුට තුවාලයි

හැටන් කොළඹ පාරේ කන්ටේනරයක් පෙරළෙයි-රියදුරුට තුවාලයි

March 18, 2017   03:24 pm



තලවාකැලේ ආගරපතනේ සිට කොළඹ දක්වා ධාවනය වු කන්ටේනර් රථයක් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල දියගල ප‍්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වීමෙන් එම කන්ටේනර් රථයේ රියදුරා තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර ඇති බව වටවල පොලීසිය පවසයි.


ඊයේ (17) මෙම අනතුර සිදුවී ඇති බවත් මාර්ගයෙන් ඉවතට පැන ඇති කන්ටේනර් රථය වටවල දුම්රිය ස්ථානයට පිවිසෙන ප‍්‍රධාන මාර්ගයට පෙරලීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබේ.

සිසිල් බීම ප‍්‍රවාහනය කර ඇති මෙම කන්ටේනර් රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතුවී ඇති බව අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන වටවල පොලීසිය පවසයි.