බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණෙයි

February 28, 2017   08:55 am

ශ්‍රී ලංකා සංචාරය සඳහා සහභාගී වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඊයේ (27) රාත්‍රී බංග්ලාදේශ කණ්ඩායම දිවයිනට පැමිණි බව අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග දෙකක්, එක්දින තරඟ තුනක් සහ 20/20 තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 07 වන දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම ටෙස්ට් තරඟාවලියේ නායකත්වය රංගන හේරත්ට ලබා දී ඇති අතර වමත් දඟ පන්දු යවන ක්‍රිඩක මලින්ද පුෂ්පකුමාර ටෙස්ට් සංචිතයට කැදවා ඇති බව ද වාර්තා වෙයි.