රජය ඒකාධිපති පාලනයක් කරා ගමන් කරනවා

රජය ඒකාධිපති පාලනයක් කරා ගමන් කරනවා

February 28, 2017   08:25 am



වත්මන් රජය ඒකාධිපති පාලනයක් කරා ගමන් කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විවිධ චෝදනා සිදුකරමින් විපක්ෂය දුර්වල කිරීම රජයේ අරමුණ වී ඇති බවය.

වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.