විධායක සභාවට සහභාගි වීම ගැන අද තීරණය කරනවා

විධායක සභාවට සහභාගි වීම ගැන අද තීරණය කරනවා

February 28, 2017   08:19 am



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සඳහා සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබඳව අද(28) දිනයේ තීරණය කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

 පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද(28) දිනයේ රැස්වි ඒ පිළිබදව අවසන් තිරණයක් ගැනීමට නියමිත බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව මාර්තු 02 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

ඒ සඳහා සහභාගි වන ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර ඇති බව වාර්තා වේ.

අද(28) දිනයේ ඒ පිළිබදව අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.