පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කළොත් නීතිය ක්‍රියාත්මකයි

පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කළොත් නීතිය ක්‍රියාත්මකයි

February 26, 2017   12:02 pm




වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 1900 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

එම වෙළෙඳුන්ගෙන් 1300 ට නඩු පැවරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

ඊයේ(25)  වව්නියාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් දිවයින පුරා වැටලීම්වල නිරතව සිටින බවයි.

එමෙන්ම පාලන මිළට වැඩි හෝ පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවට ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.