ගොන්පොර තහනමට එරෙහිව විරෝධතාවක්

ගොන්පොර තහනමට එරෙහිව විරෝධතාවක්

January 22, 2017   03:02 pm



ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පවත්වන ගොන්පොර ක්‍රීඩාවට පැනවූ තහනමට එරෙහිව හැටන් නගරයේ විරෝධතාවක් පවත්වා තිබේ.

ප්‍රදේශවාසි තරුණයන් පිරිසක් විසින් එම විරෝධතාව සංවිධානය කර තිබූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

 ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පවත්වන ගොන්පොර ක්‍රීඩාව තහනම් කරන ලෙස ඉල්ලා අධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත.

එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව  ඉන්දීය මහාධිකරණයක් මගින් ජල්ලිකට්ටු ක්‍රීඩාව තහනම් කරමින් නියෝගයක් පනවා තිබේ.

එම නියෝගය ඉවත් කරන ලෙස හැටන් නගරයේ පැවති විරෝධතාවයේ  දී අදාළ තරුණයින් ඉල්ලා සිටියේය.