බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට පියවර

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට පියවර

January 22, 2017   02:14 pm




ඉදිරියේදී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කළේ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇති බවයි.

මේ හේතුවෙන් බේකරි හිමියන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බව ඔහු කියා සිටියේය.

ඒ අනුව ඉදිරියේදී බේකරී නිෂ්පාදනවලට යොදාගන්නා අමුද්‍රව්‍ය සදහා බදු සහනයක් ලබාගැනීමට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කළේය.