පැපුවානිව්ගිනියාවේ භූකම්පනයක්
සයුරෙන් එතෙර

පැපුවානිව්ගිනියාවේ භූකම්පනයක්

January 22, 2017   12:00 pm



පැපුවානිව්ගිනියාවට අයත් මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

භූකම්පනයේ ප්‍රබලත්වය රිචට්ර් මාපකයේ ඒකක 8ක් ලෙස සටහන්ව ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

 භූකම්පනයත් සමග ඒ ආශ්‍රිතව සුනාමි අනතුරු ඇගඟවීමක් ද නිකුත් කර ඇත.

ඒ අනුව ඉදිරි පැය තුනක කාලයක් සඳහා පැපුවානිව්ගිනියා, ඉන්දුනීසියාව සොලමන් දූපත්, නාවුරු, ඇතුළු ප්‍රදේශ රැසකට අදාළ සූනාමි අනතුරු ඇගවීම නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.