තොරතුරු පනතේ ගැසට් නිවේදනය එයි

තොරතුරු පනතේ ගැසට් නිවේදනය එයි

January 22, 2017   08:24 am




තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත පෙබරවාරි මස 03 වැනිදා සිට බලාත්මක බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ආණ්ඩුවේ අමාත්‍යාංශයන් , මණ්ඩලයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සංස්ථාගත සමාගම්, පළාත් පාලන ආයතන, පළාත් දෙපාර්තමේන්තු හා පළාත් අධිකාරී 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනතට යටත් කර තිබේ.

ඊට අමතරව අරමුදල් සපයනු ලබන රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය ආයතන ඇතුළු උසස් අධ්‍යාපන ආයතන  වෘත්තීය හෝ කාර්මික අධ්‍යාපනය ලබාදෙන පුද්ගලික අධ්‍යාපන ආයතන මෙන්ම යුක්තිය පසඳලීම සඳහා පිහිටුවා ඇති අධිකරණ, විනිශ්චය අධිකරණ හා ආයතන මෙම පනත මගින් තොරතුරු ලබාදිය යුතු බවට නියෝග කර තිබේ.