අඛණ්ඩ මුදාහැරීමේ සහතික හා ප්‍රවීණතා සහතික  පරිගණක ගත ක්‍රමවේදයකින්

අඛණ්ඩ මුදාහැරීමේ සහතික හා ප්‍රවීණතා සහතික පරිගණක ගත ක්‍රමවේදයකින්

January 17, 2017   11:37 pm



වෙළෙඳ නාවිකයන් ලියාපදිංචි කර නිකුත් කරනු ලබන අඛණ්ඩ මුදාහැරීමේ සහතික පත්‍රය සහ ප්‍රවීණතා සහතික පත්‍රය අද(17) සිට පරිගණක ගත ක්‍රමවේදයකින් නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සහතික පත්‍ර නිකුත් කිරීම ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කළේය.

මෙරට සමුද්‍රීය වෙළෙඳ නාවික කටයුතු නියාමනය කිරීම සහ ඊට අදාළ නීති සම්පාදනය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ සමස්ත කාර්යය බාරය වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය මගින් සිදුකරනු ලබයි.

 නෞකාවල රැකියා සඳහා යොමුවන සියලු නාවිකයන් විසින් මෙම අඛණ්ඩ මුදාහැරීමේ සහතික පත්‍රය ලබාගැනීම අනිවාර්යය වෙයි.

 ව්‍යාජ සහතික පත්‍ර සකස් කිරීමට ඇති අවස්ථා පුළුල් වීම හේතුවෙන් වෘත්තීමය වශයෙන් සුදුසු නොවන පුද්ගලයන්ට ද නාවික රැකියා සඳහා යොමුවීමට අවස්ථාව සැලසෙන අතර එතුළින් සුදුසුකම් සහිත නාවිකයන්ගේ රැකියා අනාරක්ෂිත වීමේ අවදානමක් පැවති බව සඳහන්ය.

  කෙසේවෙතත් නව පරිගණක ගත ක්‍රම වේදය ඔස්සේ සහතික පත් නිකුත් කිරීමත් සමග එම  තත්ත්වය මගහැරෙන අතර ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකික නාවිකයින්ට ඇති ඉල්ලුම ද ඉහළ යා හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.