මන්ත්‍රී ධූරය ගැන තීරණයක් ගන්නවා

මන්ත්‍රී ධූරය ගැන තීරණයක් ගන්නවා

January 17, 2017   01:09 pm



තම මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ලබන 21 වැනිදා තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

පවතින දේශපාලන තත්ත්වය සලකා එම තීරණය ගන්නා බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ලබන 21 වැනිදා හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය සංවිධානයේ රැස්වීමක් කැඳවා තිබේ.

එහිදී තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්විය යුතු ද නැද්ද යන්න පිළිබඳ මධ්‍ය සංවිධාන මතය විමසා බලන බව විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා පැවසීය.

මේ අතර ලබන 27 වැනිදා නුගේගොඩ දී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ රැළියට තමන් සහභාගී වන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.