කොටගල ජල සැපයුම සීමා කරයි

කොටගල ජල සැපයුම සීමා කරයි

January 10, 2017   11:26 am



මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් සහ කොටගල ප්‍රදේශවලට ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

වියළි කාලගුණික තත්ත්වයත් සමග සිංගිමලේ ජල තටාකයේ ජල මට්ටම පහළ බැසීම හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව එම මණ්ඩලයේ හැටන් පාරිභෝගික සේවා ස්ථාන භාර නිලධාරී සංජීව අබේධීර මහතා සඳහන් කළේය.

එම නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කර ප්‍රමාණවත් පරිදි ජලය ගබඩා කරගන්නා ලෙස සංජීව අබේධීර මහතා හැටන් සහ කොටගල ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි.