කොළඹ වරායෙන් කොකේන් නැවක් මතුවෙයි

කොළඹ වරායෙන් කොකේන් නැවක් මතුවෙයි

December 9, 2016   01:44 pm





කොළඹ වරායට පැමිණි නෞකාවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 800 ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

අධිකරණ නියෝගයක් අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදු කළ පරීක්ෂාවකදී මෙම නෞකාව සොයා ගෙන තිබේ.

එම කාර්යංශය ප්‍රකාශ කළේ, දැව ප්‍රවාහනය කරන එම නෞකාව ඉක්වදෝරයේ සිට පැමිණ ඇත්තේ, ඉන්දියාව බලා යාත්‍රා කිරීමට බවය.

අදාළ නෞකාවේ කොකේන් ඇති බවට ලද ඔත්තුවක් මත පරීක්ෂා කළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ ය.

කොකේන් තොගයේ වටිනාකම බිලියන 12ක් බව වාර්තා වෙයි.

එමෙන්ම එම කොකේන් තොගය දකුණු ආසියාවේ සොයා ගත් වැඩිම වටිනාකමකින් යුතු කොකේන් තොගය බවද සඳහන්ය.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමටද තීරණය කර තිබේ.