හම්බන්තොට වරාය ප්‍රතිසංවිධානයට ගිවිසුම අත්සන් කරයි

හම්බන්තොට වරාය ප්‍රතිසංවිධානයට ගිවිසුම අත්සන් කරයි

December 9, 2016   07:41 am


හම්බන්තොට මාගම්පුර වරාය ප්‍රතිසංවිධානය සඳහා වූ මූලික සැලසුම්වලට අදාළ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

ශ්‍රී ලංකා රජය සහ චයිනා මර්චන්ට් හෝල්ඩින් සමාගම අතර එම අවබෝධතා ගිවිසුම ඊයේ අත්සන් කර ඇති බව වාර්තා වේ.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියට අනුකූලව ශ්‍රී ලංකා රජයේ පාර්ශවයෙන් මුදල් අමාත්‍යංශය, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු  යන අමාත්‍යංශවල ලේකම්වරුන් විසින් ගිවිසුමට අත්සන් කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

 මේ අතර හම්බන්තොට මාගම්පුර වරායේ සේවයේ නියුතු පුද්ගලික සමාගමක සේවකයින් පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වෙයි.

තමන් වරාය අධිකාරියට අනුයුත්ත කර ගන්නා ලෙස එම සේවකයින් ඉල්ලා සිටියි.