අම්බලන්ගොඩ වෙඩි තැබීමක්-එකම පවුලේ 3ක් මරු දකියි

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්-එකම පවුලේ 3ක් මරු දකියි

December 5, 2016   10:50 pm



අම්බලන්ගොඩ, මාදම්පේ, ඉඩම්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ තිදෙනකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

අද රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර අදාළ වෙඩි තැබීමෙන් එකම පවුලේ පියා (32), මව (28) සහ පුතා (04)  ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

 වෙඩි තැබූ ස්ථානයේ ටී 56 හා හා මිලිමීටර 9 උණ්ඩ දක්නට ලැබෙන අතර මියගිය තිදෙනාගේ සිරුරු බලපිටිය මූලික රෝහලට ගෙන ගොස් ඇති බවද පොලීසිය පවසයි.

 වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති අතර බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.