මහවිරු සැමරූ හැටි ආණ්ඩුව කිව යුතුයි

මහවිරු සැමරූ හැටි ආණ්ඩුව කිව යුතුයි

December 5, 2016   07:26 am



උතුරේ ජනතාව මෙවර මහවිරු දිනය සැමරනු ලැබූ අකාරය පිළිබඳව ආණ්ඩුව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදු කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.

විශේෂයෙන් සැමරුම් සඳහා පැමිණි පිරිස් පිළිබඳවත් ඒ සඳහා වියදම් වූ මුදල් පිළිබඳවත් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදු කළ යුතු බව ඔවුන් කියයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික හෙළ උරුමයේ පළාත් සභා අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මේ බව සඳහන් කළේය.